Kuppayama කුප්පායම​

LKR440.00LKR550.00 (-20%)

In stock

SKU: ARB00000646 Categories: ,

ගොං කරත්ත පාරට බැස්සාම හරිම අලංකාරයි. සුවඳ හමයි. තාං චීත්ත හැට්ට ඇඳගෙන පස්ස පද්ද පද්දා ගමන් කරයි. අභිකුණ්ටිකයන් උනාට උන්ගෙ ලෝකය වෙනම ලෝකයකි. උන් පාරට බැස්සම කාරවල යන මහත්තුරු කාර නවතා හෝන් ගසා උන්ගෙ ගණන් අහනවලු. උන්ගෙ කූඩාරම පැත්තේ යාම කළුකුමී විසින් සුද්දිට තහනං කර ඇත. ඒත් අතමිට සරු දවසට කළුකුමී කාල් දෙකක් ගසා නිරුවතේ බිම වැතීරී ගොරොද්දෙ අදින්ට පටන් ගත් පසු සුද්දිට උන්ගෙ කූඩාරම පැත්තට කර පොවන්ට කාලය ලැබේ.

සාදිනා කසිප්පු බී විත් කූඩාරම් දොරකඩ හිප්ප තබාගෙන කළු සුරුට්ටුවක් බොන්ට පටන් ගනී. සාදිනා කළු සුරුට්ටු බොනවාට සුද්දි හොඳට ම කැමති ය​. කළු සුරුට්ටුවේ ගඳින් කූඩාරම තුළ මුත්‍රා දුර්ගන්ධය මැකී යයි. කළු සුරුට්ටුව ගඳ උනත් එය මුත්‍රා ගඳට වඩා යහපත් ය​. කසිප්පු මතට කළු සුරුට්ටු මතත් එකතු වී සාදිනා හීන ලෝකයේ පාවෙන්ට පටන් ගනී…​​​

Age Group : 13 -99 Years

Model : Novels

No. of Pages : 280

ISBN No: 9789557010731

Author : Rohitha Wijayakoon

Language : Sinhala

Main Menu

Kuppayama කුප්පායම​

LKR440.00LKR550.00 (-20%)

Add to Cart